‘වනජීවී අධ්‍යක්ෂ වැඩ වැරුමෙන් ගැටලු රැසක්‘


වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සහකාර අධ්‍යක්ෂ උසස්වීම් ඇතුඵ ගැටලු රාශියක් හමුවේ වනජීවී සහකාර අධ්‍යක්ෂවරු පසුගිය 24 වැනිදා සිට ඇරඹූ වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා රක්ෂිතයන් අසල ජනතාවට මෙන්ම වනජීවි දෙපාර්තුමේන්තුවට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුන දිමට සිදුවි ඇතැයි රාජකාරි ආවරණ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ වෘත්තීය සංගමයේ ලේකම් පී.ජී.ඩී.ජෙ.පෑබොටුව මහතා පැවසිය.

2001 වර්ෂයෙන් පසු  වනඡිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට බාහිරින් හෝ අභ්‍යන්තර උසස්විම ලෙස කිසිදු සහකාර අධ්‍යක්ෂවරුන් බදවාගෙන නැති බවත් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති නිලධාරින් සිටියදීත් උසස් විම් ලබා නොදිම නිසා බරපතල පරිපාන ගැටලු මතු වි ඇති බවත් සුදුසුකම් සපුරා ඇති නිලධාරින්ට උසස් විම් ලබා නොදිමෙන් එම නිලධාරින්ට විශාල අසාධාරණයක් සිදුවි ඇති බවත් සංගමය වසර ගණනාවක් පෙන්වා දුන් බවත් පැබොටුව මහතා කීවේය.