‘සිංහල බැරි මිනිස්සු හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම අපට පිළිගන්න බැහැ‘යැයි අද(29) කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජාතික සංවිධාන එක්ව ලාල් විජේනායක කමිටු වාර්තාවට හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව පත්‍රිකා ලක්ෂයක් බෙදා හැරීමේ අවස්ථාවට එක්වෙමින් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
‘කමිටු වාර්තාව ඉංග්‍රීසියෙන් ගහලා තියෙන්නේ. පස්සේ සිංහලෙන් ගහලා. මේ රටේ අධිකරණය පිළිගන්නේ සිංහලෙන් තිබෙන සටහන්. මේ රටේ බහුතරය සිංහල. මේ කමිටු වාර්තාව අපිට පිළිගන්න බැහැ. මේ රට පාලනය කරන්න තිබෙන ව්‍යවස්ථා හොඳටම ඇති. මේවා ජනතාව ඉල්ලන දේවල් නොවේ‘ යැයිද ඒ හිමියෝ කීහ.