‘වැරදි කතිරයෙන් ගිය අයට වැරදි වැඩ කරන්න දෙන්නේ නෑ‘


‘මේ රටේ මිනිස්සු  ප්‍රාදේශිය සභාවට , පළාත් සභාවට , පාර්ලිමේන්තුවට  , ඡන්දය දීලා  යවන්නේ කවුද? මේ වගේ  රටට ආදරයක්  නැති මිනිස්සුන්ගේ වැරදි  කතිරයෙන් පාර්ලිමේන්තුවට  ගිහිං තියෙනවා. නිවැරදි කතිරයෙන්  ගිය අපි  වගේ මිනිස්සු  ඒ වැරදි   වැඩවලට  අබ මල් රේණුවක තරම්වත් ඉඩ දෙන්නේ නැහැ. අඩියක්වත් පස්සට  ගන්නේ නෑ’ යැයි බස්නාහිර පළාත්  අධ්‍යාපන ඇමැති  රංජිත් සෝමවංශ  මහතා  අද (30) හොරණ දී පැවසීය.