‘විදෙස්ගත ශ්‍රමිකයන්ට විසිඑක් කෝටියක් වන්දි දීලා‘


ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින් 3259 දෙනෙකු වෙනුවෙන් 2015 ජනවාරි සිට 2016 මැයි දක්වා රුපියල් විසි එක් කෝටි විසි අට ලක්‍ෂයක් ගෙවූ බව නිලධරයෝ කියති.

මරණයට පත්වූ 315 දෙනකුගේ යැපෙන්නන්ට රුපියල් තිස්කෝටි දොලොස් ලක්‍ෂයක් ගෙවා ඇති බවද එම නිලධාරියා කීය. ස්වභාවික මරණ, හදිසි අනතුරු මරණ හා අසනීප හේතුවෙන් සිදුවන මරණ සඳහා වන්දි මුදල් ලබාගත හැකිය.   

විදේශයකදී සිදුවන මරණයකදී රුපියල් ලක්‍ෂ 5ක්ද, ලංකාවට පැමිණ සිටියදී සිදුවන මරණයකදී රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්ද වන්දි වශයෙන් පිරිනැමේ.

එතෙර රැකියාවේ නිරතව සිටියදී සිදුවූ අසනීප, විවිධ කරදර, හිරිහැර, හදිසි අනතුරු සඳහා මෙම රක්‍ෂණ වන්දි ගෙවා ගෙවා ඇතැයි  කාර්යාංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ලියාපදිංචි වී රැුකියා සඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින්ට රක්‍ෂණ වන්දි ලබාගත හිමිවන අතර, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා දෙන්නේ වසර දෙකක් ස`දහා පමණක් වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර, කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල ම`ගින්ද පුද්ගලයින් 80 දෙනෙකු සඳහා රුපියල් ලක්‍ෂ 95ක වන්දි ගෙවා තිබේ.