‘විරුසර කාඩ්පත්‘ දෙවැනි අදියරට අයදුම්පත් කැඳවයි


ආරක්ෂක අංශ සාමාජිකයන් හා විශේෂ ප්‍රතිලාභ හිමිවන රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුවන බව ජාතික රණවිරු සේවා අධිකාරිය පවසයි.

1983 සිට 2009 මැයි 19 වැනිදාට සේවා කාලය වසර 22ක් සපිරෙන සේවයෙහි නියුතු හෝ විශ්‍රාම ලබා සිටින ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර දෙවැනි අදියරේ දී ප්‍රදානය කිරීමට නියමිත විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රමාණය ලක්ෂයකි.

www.virusara.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ 011 2055675 අංකය ඇමැතීමෙන් මෙම අයදුම්පත් ලබා ගත හැකිය.