‘සසුනයි රටයි දළඳා හාමුදුරුවොයි රැකගන්න මුල් තැන‘


රටේ සංකීර්ණ ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් ඉටුවිය යුතු යුතුකම් මහා සංඝයා සමග කථිකා කර ඊට පිළිතුරු සැපයීමටත් අපේක්ෂා කරන බව අභිනව අස්ගිරි මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මාහිමියෝ කීහ.

නාහිමියන් වැඩ සිටි අස්ගිරි විජයසුන්දරාරාම පුරාණ විහාරයට වැඩම කර ආගමික චාරිත්‍ර ඉටු කළ මහ නාහිමියෝ මාධ්‍යයට පැවසූහ.

බුද්ධ ශාසනය හා දළඳා වහන්සේ රැකීම සඳහාත් බෞද්ධ ජනතාවගේ අපේක්ෂා  මුදුන් පත් කර ගැනීම සඳහාත් හැකි පමණින් කටයුතු කරන බවත් නව මහ නාහිමියෝ පැවැසුහ.

asgiri_201648 asgiri_201648-2 asgiri_201648-3