‘සුඛෝ සංඝස්ස සාමග්ගී‘


අපවත්වී වදාළ සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සෙනසුරාදා (7) සිදු කිරීමට නියමිත අතර එයට දායක වී දානයේ කටයුතු අවසන් කිරීමෙන් පසු අධිකරණය මගින් සේරුවිල විහාරයේ භාරකාරත්වය පවරන පාර්ශවයකට තම අසපුව පූජා කළ බඩු බාහිරාදියද බාරදී ඉන් ඉවත්වන බව මහමෙව්නාව භාවනා අසපුව විශේෂ නිවේදනයකින් දැනුම්දෙයි.

දෙපාර්ශවයක් සේරුවිලට අයිතිවාසිකම් කියන බැවින් දෙපාර්ශවයේම අතරමැදියකු ලෙස මහමෙව්නාව අසපුව ඉදිරිපත් වූයේ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හොඳින් සිදු කිරීමට පමණක් බවත් එක් පාර්ශවයක් සමග හොඳින් කටයුතු කරද්දී අනෙක් පාර්ශවයේ සැකයටත් ගැරහීමටත් ලක්වන බවත් දක්නට ලැබුණු බව එම නිවේදනයේ දැක්වේ.

කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවී මහමෙව්නාවේ සඟ පිරිස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් පසු සේරුවිලින් ඉවත්වන බවත් සංඝයා සමගියෙන් කටයුතු කිරීම සැපයක් බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.