අධික වැස්ස සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සියලු පොලිස් ස්ථාන සීරුවෙන් තබන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටඋපදෙස් ලබා දී ඇත.
ඒ අනුව විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු පොලිස් ස්ථානාධිපතිවරුන් හරහා සම්බන්ධීකරණය කරන ලෙසත්, 119 හදිසි ඇමැතුම් අංකය හරහා ගංවතුර හා වෙනත් ආපදා තත්ත්වයන් පිළිබඳ මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා දන්වා තිබේ.
අථවාහන තදබදය අවම කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් සකසන දෙලද ඔහු පොලිස්පතිවරයාට දැන්වීය.