හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ (16) මහනුවරදි හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගි විය.
මහනුවර ශ්‍රි දලදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහා විහාර වලට ගොස් මහ නාහිමි වරුන් දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතා ගේ හිසතෙල් ගෑම අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ සිදුකළහ.
මහින්ද රාඡපක්ෂ මහතා එහිදි පවසා සිටියේ මෙවර අවුරුදු චාරිත්‍ර පිළිබද ගැටලුවක් ඇති බවයි. අවුරුදු චාරිත්‍ර රට ගැන සිතා නොව පක්ෂය ගැන සිතා සාදා තිබෙන බවත් මේ අවුරුදු චාරිත්‍ර රජයේ අවශ්‍යතාවය අනුව සිදුවුවක් බවත් බස්නාහිර බලා තෙල් ගෑමේ නැකත තිබෙන බවත් ඒ ගැන මතවාදයක් පවතින බවත් එමනිසා 10.41 ට නොව 12 පසුවී හිසතෙල් ගෑම උචිත බවත්ය.
මේ අවස්ථාව සදහා මහේන් රත්වත්ත,කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද සහභාගි වූහ.