‘හොර රහසේ කෘෂි රසායනිකයක් ගෙන්වලා‘


හොර රහසේම මෙරටට ගෙන්වා බෙදා හරින ග්ලූෆොසියේට් නමැති ප‍්‍රබල කෘෂි රසායනිකය පිළිබඳව බලධරයන් කිසිදු තැකීමක් කර නැතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථීකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙරට භාවිතය මුළුමනින්ම තහනම් කොට ඇති ග්ලයිෆොසේට් කෘෂි රසායනිකයට වඩා මෙම කෘෂි රසායනිකය අතිශයින් ප‍්‍රබල බැවින් වහා වෙළඳ පොළෙන් ඉවත් කරන ලෙස පරිසරවේදී  පර්යේෂකයෝද විද්‍යාඥයෝ ද ඉල්ලා සිටිති.

ග්ලූෆොසියේට් නමින් වන මෙම රසායනිකය තහනමට ලක්වූ ග්ලයිෆොසේට්වලට වඩා 15 ගුණයකින් පමණ ප‍්‍රබල යැයි ද ජය සුමන මහතා කියයි.