‘හොරෙන්‘ යාත්‍රා කළ හැකි ප්‍රංශ යුද නැවක් ලංකාවේ


ප‍්‍රංශ නාවික හමුදාවට අයත්, ‘ඇකොනිත්’ යුද නෞකාව පසුගිය දා කොළඹ වරායට සේන්දු විය. ප‍්‍රංශ යුද නැවක් නිල වශයෙන් මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

‘ඇකොනිත්’ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 160 කි. නෞකාව හෙලිකොප්ටර් අංගනයකින් සහ ‘පැන්තර්’ හෙලිකොප්ටරයකින් ද සමන්විතය.  ඊට අමතරව, මිසයිල ආරක්ෂක පද්ධතියකින් ද සන්නද්ධය.

නෞකාවේ විශේෂත්වය නම්, රේඩාර්වලට හොරෙන් යාත‍්‍රා කිරීමට ඇති හැකියාවයි. රේඩාර්වලට හසු නොවන පරිදි නැංගුරම් ලා තැබීමට ද ඊට හැකි වෙයි. නෞකාවේ හැඩය ද සුවිශේෂීය. නැංගුරම් ඇත්තේ නැවේ පහළ පිටතට නොපෙනන ලෙසටය.

ඉන්දීය සාගරයේ ධීවර කටයුතුවලදී සහාය දැක්වීමට, මුහුදු කොල්ලකරුවන්ගෙන් එල්ල වන තර්ජන මැඬලීමට, සහන සේවා, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී සහාය දීමට, මානුෂීය ආධාර ලබා දීමේ කටයුතුවලට සහ යුරෝපයේ සිට චීනය තෙක් දිවෙන මුහුදු මාර්ගවලට ආරක්ෂාව ලබා දීමට ප‍්‍රංශ නාවික හමුදාව  ඕනෑම අවස්ථාවක සූදානම් යැයි නෞකාවේ කපිතාන් ලූතිනන් ලොරෙන් මැකාද් දෙ ගාමොන් මහතා කියා සිටී.

කොළඹ ප‍්‍රංශ තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදීන් කණ්ඩායමකට ද ‘ඇකොනිත්’ යුද නෞකාව නැරැුඹීමට අවස්ථාවක් උදා විය. මෙරට ප‍්‍රංශ තානාපති ජෝන් මැරින් ෂූ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැවේ විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.

frenchship_201652 frenchship_201652-2 frenchship_201652-3 frenchship_201652-4 frenchship_201652-5 frenchship_201652-6