’’නිල් පාට ඇමති’’ කොළ කොඩියක් වනයි


(අංජුල මහික වීරරත්න)

තංගල්ල නාකුළුගමුව දුම්රිය නැවතුම්පොළ කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.

මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම නැවතුම්පොළ සඳහා මුල්ගල තබා තිබේ.

මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයාද වන අතර පසුගිය දා සිදු කෙරෙනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍ය හමුවේ විවේචනාත්මකව අදහස් පළකර තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවටද මාධ්‍ය වාර්තා පළවිය.