“අලුත් නීති හදා හොරුන් අල්ලනවා“


අලුතින් අධිකරණ පිහිටුවා හෝ අලුතින් නීති සකසා හෝ හොරුන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අද (06) ඇල්පිටියේ  එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනන දී කීවේය.

“ජනාධිපති තුමත් අගමැතිතුමාත් පොරොන්දූ වුනා ජනවාරි 8  වෙනිදායින් පස්සේ එයාපෝර්ට් වහනවා කියල. එයාපෝර්ට් වහල හොරු අල්ලලා ඒ ගත්ත ඒවා රාජසන්තක කරනවා කිවුව. දැන් ජනාධිපති තුමා කියනවා ඒ හොරුන්ගේ ණය ප්‍රමාණය කෝටි ලක්ෂ 9 ක්  කියල. ඒ අයගෙන් ඒවා අයකරගන්න තියෙනවා. ඒව අයකරගන්න මේ අය හිරේ දාල පරීක්ෂණ කරන්න වෙනවා. ඒවා දේශපාලන පලිගැනීම් නෙමෙයි. මේවා චන්ද පොරොන්දු.“ යැයි ද ඔහු කීවේය.