හින්දුස්තාන් ශාස්ත්‍රීය වයලීන වාදනයේ පස් වැනි පරපුරේ සංගීතඥයෙකු වන මහාචාර්ය වී. බලාජී ඔහුගේ පුත් අනන්ත රාමන් වයලීන වාදනයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනපති අද මුසපත් කළ සැටියෙකි. බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ සංගීත මහාචාර්යවරයා වන බලාජි ජනපති නිල නිවසේ බිම වාඩි වී ජනපති ඉදිරියේ වයලීන වාදනය කළේය.
මහාචාර්ය බලාජිගේ බිරියද එහි පැමිණ සිටියාය. පෙර දින පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයෙකු වූ බලාජි ප්‍රසංග කලාවේ දැවැන්තයෙකි.
වයලීනයෙන් ඔහු දැක්වූ දස්කම් විස්කම් වෙනුවෙන් භාරතයේ දී ලැබූ සම්මාන බොහෝය. බලාජිගේ සීයා වූ ශ්‍රී ක්‍රිෂ්ණා ගේ අධීක්ෂණය යටතේ බලාජි කර්ණාටක සංගීත පුහුණුව ලැබුවේ වසර පහේදීය. 1986 දී ආචාර්ය උපාධිය දිනා ගත්තේය. 1983 - 1993 දක්වා සමස්ත ඉන්දියා ගුවන් විදුලියේ සංගීතඥයෙක් ද විය.