“කිසිම ප්‍රශ්නයක් විසඳන්න රජයට බෑ“


අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය කමිටු කාර්යයාල ආරම්භ කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් පමණක් විසඳාගත නොහැකි බවත් එය විසඳීමට සමාජයේ බිම් මට්ටමේ සාකච්ඡා ඇති විය යුතු බවත් සමාජයේ හැබෑ මතයක් ඇති විය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් සේනාධීර ගුණතිලක මහතා අද (17) මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.

“කිසිම ප්‍රශ්නයක් ගැන වැදගත් සාකච්ඡාවක් සිදුවන්නේ නෑ. සැබෑ ස්වරූපය මතු කරගැනීමේ කතිකාවතක් සිදුවන්නේ නෑ. බල ලෝබී දේශපාලඥයන් කරන්නේ ප්‍රශ්නයක සැබෑ මුහුණුවර මගහැරීමයි.“ යැයි ද ඔහු කීවේය