“ධීවර සංස්ථාව දියුණු කරන්න සේවකයෝ සූදානම්“


නඩු භාණ්ඩයක් ලෙස තබාගෙන සිටි මාළු තොගයක් නඩු කටයුතු අවසන්වීමෙන් පසුත් ශීතාගාරයේ තබාගෙන සිටියේ ඇයි ද යන්න ගැන පරීක්‍ෂණයක් පවත්වා එයට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදිය යුතු බව ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එකමුතුවේ කැඳවුම්කරු ඩී.වී.එස්.පී බණ්ඩාර මහතා පැවසූයේ පාඩු ලබන ධීවර සංස්ථාව යළි දියුණු කිරීම සඳහා කැපවී කටයුතු කිරීමට දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව සංස්ථාවේ සියලූ සේවකයින් සූදානම් බවයි.