“නාමල් රිමාන්ඩ් කළාට සතුටක් නෑ“


කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවැත්විණි.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන කරු පරණවිතාන සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහත්වරු ද පැමිණ සිටියහ.

නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අදහස් දැක්වීය.

නාමල් රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ‘සතුටුයි ද දැන්‘ යනුවෙන් රජයෙන් හා ජනතාවගෙන් ඇසූ බවත් රජයට ඒ සම්බන්ධයෙන් සතුටක් නැති බවත් රටේ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සතුටක් ඇති බවත් අජිත් පී පෙරේරා මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් නැති නිසාත් රජය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නොකළ නිසාත් නාමල් රාජපක්ෂ අත්රඩංගුට ගැනීම සම්බන්ධයෙන් රට හෝ මාධ්‍ය ප්‍රමාණවත් දැනුමක් නැති බව කියමින් ඔහු එම ක්‍රියාවලිය සිදු වූ ආකාරය පැහැදිලි කළේයෙ.

ඔහුගේ කතාව වීඩියෝවේ ඇතුළත් වේ.

ajith IMG_1061