“මතින් තොර රටක් තැනීම රජයේ අරමුණයි“


දුම්කොළ සහ මධ්‍යසාරවලින් ලැබෙන ආදායමෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය නොවන බවත් රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ලෙස ගොඩනගමින් මතින් නිදහස් රටක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ 104 වැනි සංවත්සරය  අමතමින් කීවේය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිශ්පාදන ක්‍රියාවලිය වැඩි කළ යුතු බවත් ඒ සඳහා අනන්ත වූ කාර්යයන් ඇති බවත් ජනපති කීවේය

කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සභාවේ මහානායක ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සභාපති ආචාර්ය  ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සාමාජිකයින් මෙම උත්සවයට එක්ව සිටියහ.

GLA_8651 GLA_8659 GLA_8704 GLA_8733 GLA_8757