“විනය පරීක්ෂණ වලට බය නෑ“


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝග කර ඇති විනය පරීක්ෂණ වලට මුහුණ දීමට කිසිඳු බියක් නැති බවත් තමන් ප්‍රසිද්ධියේම මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය පරීක්ෂනයකට නියමිතව සිටින කුරුණෑගල දිස්ත්‍රීක් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රරුණෑගල දී කීහ.

ශ්‍රීලනිපයේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා එවූ ලිපි ඉරා පිළිස්සීම සම්බන්ධව එම මන්ත්‍රීවරුන්ට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වී තිබේ.