වත්මන් ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) නිර්දේශ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අද (18) පැලවත්තේ දී කීවේය.
එයාර් ලංකා හා රක්නා ලංකා වැනි ආයතන රැසක අක්‍රමිකතා සිදු වී ඇති බව කෝප් කමිටුව සොයාගෙන ඇති බවත් මෙවැනි සමහර ක්‍රියා වලින් ඇති වී ඇති පාඩුව අධිවේගී මාර්ග හා වරාය හදන්න ගිය වියදමටත් වඩා වැඩි බවත් ඔහු කීවේය.
“හොරාගත් බඩු ආපසු දුන්නාම හොරා නිදහස් වෙලා යන්න පුලුවන් කියන අදහස අපි පිළිගන්නේ නෑ“ යැයි ද අනුරකුමාර මහතා කීවේය.