සුජිත් හේවාජුලිගේ
රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇත.
රජයේ බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රහසිගතව ගෙයින් ගෙට ගොස් කර ඇති සමීක්ෂණවලදී මේ කරුණු අනාවරණය වී තිබේ. බොහෝ පිරිස් ඉදිරි ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරාගන්නේ අවසාන සති කිහිපයේදී බවද එහිදී තොරතුරු හෙළිදරව් වී ඇත.
ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා නොෙවනු ඇතැයි දැනගන්නට ඇත.