(චමිලා අල්විස්)

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය දැඩි උණුසුම්කාරී හා කලහකාරී තත්ත්වයක් මධ්‍යයේ ජාතික ජන බලවේගයට බලය හිමි මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගුටිබැට හුව මාර කර ගන්නා අතර තුර සභා සම්මත කර ගත්තේය.

අයවැයට පක්ෂව පාලක පක්ෂයේ මන්ත්‍රීවරු නව දෙනා සහ ස්වාධීන පක්ෂයේ මන්ත්‍රීවරයාගේ ඡන්දයෙන් දුන්නේය.

විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමට සහභාගි නොවූහ. අයවැය සභාව කැඳවීමේ ලිපිය නීති විරෝධී බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක නිරත වූහ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වීමත් සමඟ සභාව තුළ දැඩි කලහකාරී තත්ත්වයක් හටගත් අතර, එම උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ ලේකම් සම්පත් උඩමුල්ල මහතා විසින් ඡන්ද විමසීම සිදුකරනු ලැබීය.

සභාපති ජී. සමන් ජයතුංග, උප සභාපති ජයසේන රුද්‍රිගෝ සහ ලේකම් සම්පත් උඩමුල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අයවැය සම්බන්ධ විශේෂ මහ සභා රැස්වීම පැවැත්විණි.