
(සරත් නිශ්ශංක වෙලගෙදර)
මිගස්වැව වන රක්ෂිතයේ සැරිසැරූ කබල්ලෑවකුගේ ගුහාවකට ඇතුළු වී එම සතාට පොරවකින් පහරදී මරා දමන අයුරු වීඩියෝගත කළ පුද්ගලයන් තිදෙනකු මිගස්වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇතිවිය.
ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ මිගස්වැව පොලිසියේ නිලධාරීහු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ සහ හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි එස්. එම්. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මිගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයරත්න මහතාට ලැබුණු රහසිගත තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd