(දයාසීලි ලියනගේ)
එළැඹෙන සතිය තුළ රටේ දේශපාලනය බෙහෙවින් තීරණාත්මක හා ආන්දෝලනාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 13ක් පිළිබඳ තීන්දුව මෙම සතියේ ලබාදීමට නියමිත අතර ඒ සමඟ දේශපාලනඥයන් රැසක් පක්ෂ මාරු කිරීම, බලය තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කිරීම, නිලධාරින් මාරු කිරීම ඇතුළු පෙරැලි රාශියක් මේ සතිය තුළ සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.
පසුගිය මාසයකට අධික කාලයක් රටේ පැවැති දේශපාලන අස්ථාවර බව ඉවත්වී යම් ස්ථාවරත්වයකට එළැඹීමට ඉදිරි සතිය තුළදී වැඩ කටයුතු සිදුවනු ඇතැයිද් විශ්වාස කෙෙර්.
සියලු දේශපාලන පක්ෂ ඉදිරි සතිය තුළ නැවුම් ප්‍රතිපත්ති මත ඉදිරි දේශපාලන කටයුතුවලට යොමුවනු ඇතැයිද සඳහන්වේ.