පොහොට්ටුවෙන් 12 ක් සජබෙට


 


උපුල් වික්‍රමසිංහ


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙ​ෙනකු ඉදිරි දින කිහිපයේදී සමගි ජන බලවේගය සමග එකතු වෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

ඊට අදාළ සාකච්ඡා පැවැත්වෙන බව කී ඔහු එම මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව සුළු පක්ෂවලින් මේ වෙන විටත් සමගි ජන බලවේගය සමග එක්ව සිටින මන්ත්‍රීවරුන් ගණන තිහ ඉක්මවන බව ද ප්‍රකාශ කළේය. 

එම සියලු මන්ත්‍රීවරුන් හා සමගි ජන සන්ධානය අතර ගිවිසුම් අස්සන් කිරීම ලබන මාසයේ දී සිදු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.