මර්දන වැඩ දෙපැත්තට: කොරෝනා දිගටම


(දයාසීලි ලියනගේ)  

කොරෝනා මර්දනය කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළ දෙකක් ක්‍රියාත්මක වන නිසා තුන්වැනි රැල්ල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.  

එන්නත් ලබාදීම, පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම, නිරෝධායනය යනාදී කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් ලබාදෙන උපදෙස්වලට අමතරව බාහිර පිරිසක් ද ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක වීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා කීය.  
එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තීරණ ගැනීම විශේෂඥ කමිටුවකට බාරදී බාහිර පුද්ගලයන්ගේ උපදෙස් නොපිළිගත යුතු බව පෙන්වා දී ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා කීය.  


වසංගත රෝග අංශය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.  


මීට අමතරව මත්පැන් අලෙවිය ලෝක පිළිගත් ක්‍රමවේදයෙන් සම්පූර්ණ බැහැර වූවක් වන අතර පවත්නා පසුබිම හමුවේ කොරෝනා මර්දනය අනතුරුදායක වී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.