පද්මිණී මාතරගේ
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ක්ෂේත්‍ර 40කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, පාර්ලිමේන්තුවට බලතල පැවැරෙන, සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබාදෙන, ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අලුත් ව්‍යවස්ථාවක් ගැන දැඩිව අවධාරණය කර ඇත. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 26දා උදේ 10.00ට තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේදී උත්සවාකාරයෙන් එළිදැක්වීමට නියමිතය.
යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණය නතර කිරීම සහ ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛත්වය ලබාදී තිබේ. ප්‍රධාන ක්ෂේත්‍ර 40ක් මෙම ප්‍රතිපත්ති ප්රකාශනයෙහි අන්තර්ගතව ඇති අතර , ”පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ මෙය ඉදිරිපත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා “ඉරිදා ලංකාදීපයට” පැවසීය.
රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සකස් කිරීම පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අවධානය යොමු කරමින්, කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ධීවර, වැවිලි සහ ආයෝජන යනාදී ක්ෂේත්රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න අවධාරණය කර ඇත.
තාක්ෂණය භාවිතයට ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ගමනාගමනය වැනි මහජන සේවා ජනතාවට වාසිදායක සහ යහපත් සේවා බවට පත් කිරීම, දිළිඳු ජනතාවට සහන ලබා දීම ඇතුළු කරුණු ගණනාවක් මෙම ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් කර තිබේ.
මීට අමතරව කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සම්බන්ධ ප්රතිපත්තිද මෙම ප්‍රතිපත්ති ප්රකාශනයෙහි අන්තර්ගත කර ඇති බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඉරිදා ලංකාදීපයට වැඩිදුරටත් පැවසීය. ජාතික ජනබලවේගයේ මෙම ප්‍රතිපත්ති ප්රකාශනය අගෝස්තු 26 වැනිදා පෙරවරු 10.00ට, කෝට්ටේ “මොනෑක් ඉම්පීරියල්” හෝටලයේදී එළිදැක්වීමට නියමිතය .