සුජිත් හේවාජුලිගේ
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන් වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත.
එම මූල්‍ය ආයතනවලින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා ලබාගැනීම පළමු මෙහෙයුම බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. විදේශයන්හි මුදල් තැන්පත් කරන ක්‍රමවේද සම්බන්ධයෙන්ද මේ දිනවල විශේෂ අධ්‍යයනයක් කරගෙන යන බව බුද්ධි අංශ සඳහන් කරයි. මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බව පවසන එම ආරංචි මාර්ග යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කරයි.
මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බව පවසන එම ආරංචි මාර්ග යමකු ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කරයි.
දේශපාලකයන් ඇතුළු විවිධ පිරිස් විදේශයන්හි සඟවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් වේදිකාවල නිතර සඳහන් විය.