15වැනි සෝම හිමි ගුණ සමරුව


(ඡායාරූප - ගයාන් අමරසේකර)


අපවත් වී වදාළ  ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ 15 වැනි ගුණසමරු පිංකම අද (15) පස්වරු 3 ට මහරගම නගර සභා බෝ සමිඳුන් ඉදිරිපිටදී පැවැත්විණ.

මේ සඳහා  කොළොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ,  ඕමල්පේ සෝභිත නා හිමිපාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සහභාගී වූහ.

ආචාර්ය  ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමිපාණන් වහන්සේ මෙම පිංකමේ මුලසුන හෙබවූහ.

මෙම අවස්ථාවට පාඨලී චම්පික රණවක මහතා ද  සහභාගි විය.