400කට සාම විනිසුරු පත්වීම්


ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය  මගින් අද18) සිදු කෙරිණ.

දිවයින පුරා පිහිටි ප්‍රදේශ නියෝජනය වන පරිදි 400 දෙනෙකු වෙත මෙසේ සාම විනිසුරු පත්වීම් ලබාදුන් අතර ස්වාමීන්වහන්සේලා පනස් නමක් ඒ අතර වුහ.

අධිකරණ කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර  ඔහු අතින් පත්වීම් පිරිනැමිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද මේ අවස්ථාවට එක්වුහ.

 (ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)