අගමැති සමග සෙල්ෆි ඡායාරූපයක්


අංජුල මහික වීරරත්න

අටවැනි යොවුන් පුරයට සහභාගි වීම සඳහා අද (31) පස්වරුවේ ත්‍රිකුණාමලයට පැමිණි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට තරුණ තරුණියෝ උනන්දු වූහ. සිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිරූපය පසෙක තබා දිවයිනේ සතර අතින් පැමිණි තරුණ තරුණියන් හමුවි සුහද සාකඡාවක නිරත වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පසුබට නොවීය.
 
ත්‍රිකුණාමලය මැක්හෙයිසර් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන අටවන යොවුන් පුරයට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නිජෝජනය කරමින් තරුණ තරුණියෝ 6000 ක් පමණ සහභාගි වි සිටිති.
 
දිස්ත්‍රික් අනුව බෙදී ක්‍රිඩාංගණයේ කඳවුරු ලා සිටින තරුණ තරුණියන් හමුවට ගිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තරුණ ප්‍රජාවගෙන් ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි. අටවන යොවුන් පුරයේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් හෙට (01) පැවැත්වීමට නියමිතය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)