අගමැතිට සෙත් පතා බෝධිපූජා පිංකමක්


ඩයනා උදයංගනී

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත්පැතීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධානය කළ බෝධිපූජා පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද   පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤා‚ස්සර නා හිමියෝ එම බෝධි පූජා කටයුතු මෙහෙය වූ අතර ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි, ආචාර්ය පාලටුවේ ජිනරතන, ආචාර්ය පල්ලේගම රතනසාර යන ස්වාමීන් වහන්සේලා ද සහභාගී වූහ.

අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රවි කරුණානායක, ගාමි‚ ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා,  හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා, හිටපු නාගරික මන්ත්‍රී ජයන්ත සිල්වා යන මහත්වරු  ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.