අතරමං වු අලි පැටවුන් උඩවලව ඇත් අතුරු සෙවණට


(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනකදී අතරමං වු අලි පැටව් තිදෙනෙකු අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ නිලධාරීන්ට හමු වී තිබේ.

මඩකලපුව කෝපාවලි ප්‍රදේශයේදි එක් අලි පැටවෙක් හමුවි ඇති අතර ,මහඔය මයිලගස් තැන්න ප්‍රදේශයේ දී අනෙක් අලි පැටවා හමුවි තිබේ. මාදුරුඔය දම්මින්න වලමණ්ඩිය ප්‍රදේශයේදි තවත් අලි පැටියෙක් හමුවි ඇත.

මෙම අලි පැටව් තිදෙනා පිලිවෙලින් වයස 8.5.3 වයස් වල පසුවෙන බව ද අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ වෛද්‍ය පුෂ්පකුමාර මහතා පැවසීය.
දැනට මෙම අලි පැටව් තිදෙනා ට කිරි ලබාදෙන අතර මෙම අලි පැටවුන් ගේ ඇගේ ඇති සුළු තුවාල වලට ප්‍රථිකාර ද ලබාදි තිබේ.මෙම පැටව් තව ටික දිනකින් උඩවලව ඇත් අතුරු සෙවණට ලබාදෙන බවද සදහන් කළේය.