අම්මේ මට රටක් හෙට දින ඉතිරි වෙද?


උරුමය මවු - පියන් සතු අරගෙන          වැළඳ

රජ මැති ඇමැතිවරු සුර - සැප විඳින         සඳ

ලැබුවද උපත ගුණ පිරි මවු කුස          නොඉඳ

අම්මේ මට රටක් හෙට දින ඉතිරි           වෙද?

ආරියසේන හඳුවල

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ පසුගිය සෙනසුරාදා දින සවස 6 සිට අද උදෑසන 6 තෙක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඇඳිරි නීතිය මධ්‍යයේ  මහ ජනතාව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වත්මන් රජයට ඉල්ලා අස්වෙන ලෙස පවසමින්  ඇඳිරිය නොතකමින් රටේ තැනින් තැන උද්ඝෝෂණ වල නිරත වූහ.

මේ පිළිබඳ දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය රාශියකම ලිපි පළ විය.

එම ලිපි අතුරින් ඊයේ (03) දින ටයිම් ඩිජිටල් සඟරාවේ පළ වූ ලිපියට කාගේත් අවධානය යොමුවිණ. එයට හේතුව වූයේ කොළඹ පැවති උද්ඝෝෂණයකට අලුත උපන් බිළිඳියක  සහභාගී වී සිටින ඡායාරූපයක් එහි පළ වීමයි.

දෙමාපියන් සමග පැමිණ සිටි මෙම අලුත උපන් බිළිඳිය රැගෙන එමට හේතු වී ඇත්තේ තම දරුවාට යහපත් අනාගතයක් අවශ්‍ය බව පෙන්වීමට යැයි මාධ්‍ය වේදීහු මත ප්‍රකාශ කළහ.