අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා


චමිල් රූපසිංහ

දවුලගල  - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්‍යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙඩි කඩන අතර වාරයේදි මල් වැලක අඹ ගෙඩියක් ඇති බව නිරීක්ෂණය වී තිබේ.  

නිවසේ සාදා ඇති මල් වැලකට සම්බන්ධව අඹ ගෙඩියක් හට ගෙන ඇති බව තමන් දුටු බවත් එය නිරීක්ෂණය කිරීමේදී මල් වැලේ නැට්ටකට සම්බන්ධව අඹ ගෙඩිය සෑදී ඇති බවත් ඔහු පැවසීය.

මල්වැලේ හටගෙන ඇති අඹ ගෙඩිය බැලීම සඳහා බෝහෝ පිරිසක් පැමිණෙන බවත්  එය කඩා දැමීමට තමන් උත්සහ නොකර බවත් ඉදිරියේදි තමන් අඹ අත්තක් මෙම මල් වැලට බද්ද කිරීමට අදහස් කරන බවද ඔහු කීය.