අලි ‘අතු පන්දළම‘ අලුත් කරති


(කේ ඩි දේවපි‍්‍රය)

කතරගම දේවාලයේ ඇසළ පෙරහැරට සමගාමීව කතරගම දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු දමා සකස් කරනු ලැබූ අතු පන්දළම අලූත් කිරීම අද(29) සිදු කෙරිණි.

එහි ඇති පැරණි අතු දඬු ඉවත් කර අලුත් මාදම් කොළ අතු දඬු දමා සකස් කරනු ලබන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ උපකාරයෙන්ය.

දුටුගැමුණු රජතුමාට හා හිටපු නිළමේවරුන්ට පිංපැමිණවීම අරමුණූ කරගෙන දානමය පිංකමක් ද පැවැත්විණි.