අලින්ගේ රජදහනක් වූ කලා වැව් ඉස්මත්ත


(කාංචන කුමාර ආරියදාස)
 

කලා වැව සහ බළලූ වැව ඉස්මත්තේ රංචු හතරක වන අලි මේ දිනවල දිවා කාලයේ මෙන්ම සවස් කාලයේ ද සැරිසරමින් සිටිනු දක්නට ලැබේ.

කලාවැව නැරඹීමට පැමිණෙන පිරිසගේ අඩුවීම හේතුවෙන් කිසිදු බියකින් තොරව නිදැල්ලේ, තණ බුදිමින් සිටින අලි 200කට අධික පිරිසක් එහි රංචු ගැසී සිටිති.

මේ අලි රංචුවේ ඇත්තු ද වෙති. අනෙකුත් අලි, ඒ ඇතුන්ව ආරක්ෂා සහිතව රඳවාගනිමින් හැසිරෙති. බොහෝ අලින්ගේ සිරුරුවල වෙඩි සලකුණුය.