අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අසළදී


(දයාරත්න ඇඹෝගම)
ජාතික අලුත් සහල් මංගල්‍යය අද (08) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි මහා බෝධිය ඉදිරිපිටදි උත්සවාකාරයෙන් පැවැත්විණි.

දිවයිනේ නන් දෙසින් ගොවියන් විසින් රැගෙන ආ අලුත් සහල් ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සංඥා මධ්‍යෙය් සිදු කරනු ලැබිය.

මෙහිදි ජනාධිපතිවරයා විසින් නව බීජ වී වර්ග ගොවියන් අතර බෙදා දිමත් ගොවි හැදුණුම්පත් නිකුත් කිරිමත් සිදුවිය.

මෙම අවස්ථාව සදහා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ඇතුලු මහා සංඝරත්නය කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පි හැරිසන් චන්ද්‍රානි බණ්ඩාර යන මැති  ඇමැතිවරුද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු සහ ගොවි සමිති නියෝජනය කරමින් ගොවින් රැසක් එක්ව සිටියහ.

 

(ඡායාරූප -ජනාධිපති මාධ්‍ය අංශය)