ආදල් ඔය අමුණ බඳිති


(අම්පාර වසන්ත චන්ද්‍රපාල)


අම්පාර දිස්ත්‍රික්කයට වැසි නොලැබීම නිසා උහන කුමාරිගම ප්‍රදේශයේ කිසිම කුඹුරක් වගා කිරිමට ජලය නොමැතිවිම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.

එහෙත් ජලය නොමැතිවිම නිසා කුඹුරු වගා කිරිමේ උත්සාහය අත්නොහළ මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව මෙම ගම්මානය අසලින් ගලායන ආදල්ඔය හරස් කර කුඹුරු වලට ජලය ගැනීමේ වැඩ සටහනක් ආරම්භ කරතිබේ.


ඒ අනුව කුමාරිගම 12 ඇල බෙදුම් ඇල ගොවි සංවිධානය මෙහයවිමෙන්, වාරිමාර්ග දෙපාර්මේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය සහයෝගයෙන් අමුණ ඉදිකිරීම ආරම්භ කළ අතර දින 16 කදී මෙම අමුණ ඉදිකිරීමට හැකිව තිබේ.


මේ වෙන විට ආදල්ඔය අමුණ හරස් කිරිමට වැලි කොට්ට 14000 ක් යොදා ගෙන තිබේ.