ආබාධිත රණවිරුවෝ ලෝටස් පාර වහති


(ජයමාල් චන්ද්‍රසිරි)

තම විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටලුවට මෙතෙක් විසඳුම් ලබානොදුන්නැයි කියමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අද(8) කොළඹ ලෝටස් පාරේ ජනාධිපති ලේකම් කාර්යාලයට යන මග අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදෙති.

මේ හේතුවෙන් ලෝටස් පාර වසා ඇති අතර එම ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ. ජල බවුසර් ද එම ස්ථානයට රැගෙනවිත් ඇති අතර තමන්ට ජනපති හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව උද්ඝෝෂකයෝ කියා සිටිති.

පසුගිය මැයි 15වැනිදාට ප්‍රථම තම විශ්‍රාම වැටුප් ගැටලුවට විසඳුමක් දෙන බව කීවද මෙතෙක් එය ඉටුවී නැතැයි ඔවුහු ප්‍රකාශ කරති.