ආශිර්වාද ගන්න ගංගාරාමයට යති


(ඡායාරූප - ගයාන් අමරසේකර)

ලැබුවා වූ 2020 නව වසර වෙනුවෙන් ආගමික වතාවත්හි නිරතවීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට බැතිමත්හු රැසක් අද (1) එක්ව සිටියහ.

එහිදී විහාරවාසී ආචාර්ය පල්ලෙගම රතනසාර හිමියන් ආශිර්වාද ලබාදුන්  අතර එම අවස්ථාවට ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමියෝ ද එක්ව සිටියහ.