ඉන්ධන පිරවුම්හල්වල අදත් පෝලිම්


(යොහාන් භාසුර)

කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (20) පෙරවරුවේ ද ඉන්ධන නොමැති වීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති අතර ඇතැම් පිරවුම්හලවල ඔප්ටේන් 92 පෙට්‍රල් නොමැති අතර පිරවුම්හල් වැඩි සංඛ්‍යාවක භූමිතෙල් නොමැත.

මෙම තත්වය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල පොලිම් දැකිය හැකි විය. බොහෝ ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන් පැවසුවේ ඉන්ධන ඇනවුම්කර තිබුණ ද සැපයුම ප්‍රමාද වීමෙන් හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)