ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්


(ඩබ්. ඒ. පියතිලක/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ ජයමාල් චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)

දිවයින පුරා ඉන්ධනහල් රැසක මේ වනවිටත් දිගු පෝලිම් දැකිය හැකිය. 

කොළඹ, මහනුවර, මාතර, පොළොන්නරුව ආදී පෙදෙස් රැසක ත්‍රී රෝද රථ, යතුරුපැදි, මෝටර් රථ ආදී වාහන රැසක් ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටින අතර ඇතැම් ඉන්ධනහල් තුළ ඉන්ධන තිබුණද දිග පෝලිම් හේතුවෙන් බොහෝ දෙනකුට ඉන්ධන ලබා ගැනිමට නොහැකි වු බව කියති.  

කෙසේ වෙතත් පෝලිම්වලදී නිසි ක්‍රමවේදයකට අනුව පෙට්‍රල් ලබා දෙන විට ආරවුල් ද ඇති වන අයුරු දැක ගත හැකි විය.
මාතර නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකක පමණ පෙට්‍රල් නිකුත් කළ අතර අනෙකුත් පිරවුම්හල් වසා දමා තිබිණි.

කෙසේ වෙතත් වතුකරයේ ප‍්‍රධාන නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වල තවත් සතියකට පමණ පෙට‍්‍රල් ඉන්ධන සංචිතයක් පවතින බව ඉන්ධන පිරවුමිහල් හිමියෝ පවසති.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

(ඡායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්)

(ඩබ්. ඒ. පියතිලක)

(සමන් විජය බංඩාර)