ඉරණමඩු වැවත් හිඳෙන්න ළඟයි


 

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති විශාලතම ජලාශයක් වන ඉරණමඩු වැවේ ජල මට්ටම පවතින නියං තත්වය නිසා සිඳී යාම හේතුවෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව ඇති බව කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය කියයි.

කිලිනොච්චිය ඉරණමඩු වැවේ ජලය මුදාහැරෙන ඇල මාර්ගයේ රොන් මඩ ඉවත් කොට වැවේ ඉතිරි වී ඇති ජලය සිය ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ලබා ගන්නට දැඩි පරිශ්‍රමයක්  දැරීමට සිදු වී ඇති බව ගොවීහු පවසති.

පෙර වසර වලට වඩා කිලිනොච්චිය ඉරණමඩු ජලාශය සැලකිය යුතු ලෙසින් ජල මට්ටම අඩු වී ඇති ඉරණමඩු ජලාශයේ පූරන ජල මට්ටම වූ අඩි 32 කින් අඩි පහකටත් අඩුවෙන් පැවතීම නිසා කිලිනොච්චිය ජලාශයෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වලින් ජීවත් වන ගොවි පවුල් 20,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බවට කිලිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.