ඉහළ කොත්මලේ වාන් දොරටු 05ක් ඇරේ


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
 
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහක්  අද (03)  පස්වරුවේ සිට විවෘත්ත වූ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
 
මධ්‍යම කඳුරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල සවස් කාලයේ  ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග වාන් දොරටු විවෘත්ත වීම හේතුවෙන් ජලය තත්පරයකට ඝණ මීටර් 200 ක් පමණ කොත්මලා ඔයට එක් වේ.
 
කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ඔය පරිහරණය කරන හා පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සුපරීක්ෂාකාරීව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.