උච්චමුනේ දූපතේ මුහුදු ඛාදනය වැඩි වෙලා


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
කල්පිටිය උච්චමුනේ දූපත දිනෙන් දින මුහුදට දියවීමේ තර්ජනයට ලක්වී ඇතැයි ධීවර ජනතාව පවසති.
 
කල්පිටිය නගරයේ සිට මුහුදු සැතපුම් 15 කට ආසන්න  දුරකින්  පිහිටි උච්චමුනේ දුපත කල්පිටිය අර්ධද්විපයේ පිහිටි දුපත් වළල්ට අයත් තවත් දුපතකි. මුහුදු ඛාදනය අධික ලෙස ඉහල යාමත් සමග මේ වන විට පොල් ගස් විශාල ගනනාවක් ඉදිරි වැටි ඇති අතරම වෙරළ තිරයද දරුණු ලෙස ඛාදනයට ලක්වී තිබෙන ආකාරය දැක ගත හැකිය. එසේම දුපතේ පිහිටි නාවික හමුදා අණු  ඛණ්ඩයේ ගොඩනැගිලි  රැසක්ද මේ වන විට මුහුදු ඛාදනයට හසුවී ඇති ආකාරය දැක ගත හැක . 
 
 කලපුවෙන් හා මුහුදින් වටවු උච්චමුනේ දුපතේ ධීවර පවුල් 170 ක් පමන ධීවර රැකියාවේ නිරත වන බව කියති.    
 
 මේ පිළිබදව විමසිමේදි කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ තත්ත්වය ගැන කිසිවකු දැනුම් දී නැති බවයි. මේ ගැන සොයා බලා කළ යුතු දේ කරන බව ද ඔහු කීවේය.