එයා අස්තානා මංගල ගමන පිළිගෙන


(ටී.කේ.ජී.කපිල)

කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට එයා අස්තානා ගුවන් සේවයේ  මංගල ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ගුවන් මගීන් 157 දෙනෙක් එම ගුවන් යානයෙන්  මෙරටට පැමිණියහ.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා  අගහරුවාදා , බදාදා සහ සිකුරාදා දින වල කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟවෙන බව  ගුවන් සේවා නිලධාරීහු පැවසූහ. 

කසකස්තානය රන්, රිදී , ඛනිජ තෙල් , ගෑස් ,ගල් අඟුරුවලින් පොහොසත් රටක් වන අතර, ආනයන මෙන් දෙතුන් ගුණයක් අපනයනවලින් ආදායම් ලබන රටක් බව එයා අස්තානා ගුවන් සේවයේ උප සසභාපති චමීන්ද්‍ර ලේනව මහතා , මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීමින්  පැවසීය .