එෆ් ආර් සේනානායක ගුණ සැමරේ


මෙරට නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන එෆ්.ආර්.සේනානායක මහතාගේ 93 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි සේනානායක පිළිරුව අභියසදී අද (01) පැවැත්විණ. 

එෆ්.ආර්.සේනානායක ගුණ සමරු කමිටුව මගින් මෙය සංවිධානය කර තිබූ අතර එෆ්.ආර්.සේනානායක මහතාගේ මුනුබුරකු වන රනිල් සේනානායක මහතා විසින් සේනානායක පිළිරුවට මල් දමක් පැළදවීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ඇතුළු සේනානායක පවුලේ ඥාතීන් ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේම කුමාර නානායක්කාර ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )