ඖෂධ හල් විවෘතයි


ඇදිරිනීතිය පවතින අවස්ථාවේදී රජයේ නිසි අවසරයක් ඇතිව දිවයින පුරා ඖෂධ ශාලා විවෘත කිරීමට පියවර ගෙන තිබිණි 

විවෘත කර ඇති ඔසුසැල් වල ඖෂධවේදින් විසින් වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ වට්ටෝරුව අනුව අදාල ඖෂධ නිකුත් කරනු ලබයි.

 
ඇදිරි නිතිය පනවා ඇති කාලයේ ඖෂධ ලබා ගැනිමට ඖෂධ හල්  වලට පැමිණෙන රෝගින් රජකාරියේ නියැලි සිටින පොලිස් නිලධාරින් වෙත වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ නිර්දේශ පත්‍රය පෙන්විමෙන් අනතුරුව රෝගින්ට අදාල ඖෂධ ලබා ගැනිමට පොලිස් නිලධාරින් විසින් අවසර ලබා දි ඇත.

(රංජිත් රාජපක්ෂ-  හැටන් ඖෂධහල් විවෘතව තිබෙන අයුරු)  

 


 

අහංගම නගරයේ විවෘතව ඇති ඖෂධ හල් විවෘතව ඇති අයුරු 

(ඡායාරූප - සුමතිපාල දීයගහගේ)