කණ්ඩලම වැව මවනා සුන්දර රටා


(කාංචන කුමාර ආරියදාස)

දින කිපයක් තිස්සේ ඇද හැළෙන තද ධාරානිපාත වර්ෂාව සමග දඹුල්ල කණ්ඩලම වැව වාන් දැමීම ආරම්භ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශ වලට පසුගිය දින කිහිපයේම පස්වරුවේ දැඩි වර්ෂාපතනයක් ලැබිණි. ඒත් සමග අඹන් ගඟ සහ බෝවතැන්න ඇළ මාර්ගය ඔස්සේ විශාල ජල ප්‍රමාණයක් දඹුල්ල කණ්ඩලම ජලාශයට ලැබීම්ත් සමඟ මෙසේ වාන් දැමීම උදෑසන දැක ගැනීමට හැකි වූ බව හැකිවී තිබේ.

මෙම වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වැවල වැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.